Friday, April 25, 2014

සසර පෙර නිමිති.

දුටුවෙමි මහල්ලෙක්
නොමල දරුවන් සොයා
මහමගේ ඇවිදිනා

 ගිලන්වූ ඇටසැකිල්ලක්
 ජීවකව හමුනොවී
පදුරුමාල්ලක
මැස්සන් හා
කරන සටනක්

 ප්‍රදර්ශනයට තැබූ
හිසෙන් කඳ
 වෙන්වගිය
ගොඩගැසූ මලකඳන්

 සිවුරු පෙරවූ
බමන මුඩුහිස්
මහමගේ අවිදරා
කරන රැඟුමන්

 කලනොකිරි
 මෙසසර
 සිනහසෙන
ඔබ

Sunday, April 20, 2014

හිරගෙදර හා නිදහස

හිරගෙදර හා නිදහස ඕස්ට්‍රේලියවේ සිටින සුදු ජාතිකයන් බහුතරය එංගලන්තයෙන් පිටුවහල් කරනලද හිරකරුවන් ගෙන් පැවත එන්නන් යැයි කීම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට එතරම් රුස්සන්නේ නැත. ඒ නිසාම ඔවුන් එංගලන්ත ජාතිකයන්ට POMS යැයි කියා ඊට (Prisoner Of Mother England) කියා නිර්වචනය කරන්නට කැමතිය. (Although this meaning is debatable, I love to stick to the meaning. See the link http://www.theguardian.com/notesandqueries/query/0,5753,-59927,00.html.) මවුබිමෙන් පිටුවහල් කරන ලද හෝ මවුබිම හැරගියවුන් මවු බිමේ සිටින්නන් මවුබිම තුල හිරකරුවන් ලෙස දැකීම ඕස්ට්‍රලියාවට හෝ එංගලන්තයට පමණක් සීමා නොකර ලොකයේ සෑම රටකටම විහිදුව හැකි තර්කයකි. ලංකාවටද වලංගුය. සැබෑ හිරගෙය ඇත්තේ තාප්පයෙන් මොන පැත්තේද? ඇතුලත සිටිනවුන් පිටත සිටින්නවුන්ට හිරකරුවන් යැයි කීම තරමක් ගැඹුරින් විමසිය යුතුය. සිරගෙදර ඇතුලත සිටිනවුන්ට කළහැකි නමුත් එලියේ සිටිනවුන්ට කළ නොහැකි බොහෝදෑ ඇත. පැදුරේ සිට බිමට වැටෙන්නට නොහැකි නිසා ඔවුන්ට නිදහසේ කතා කලහැක. සිරගතකර සිටි හිටපු හමුදා නායක ජෙනරාල් සරත් ෆොන්සෙකා මේ තත්වය සිරගෙදර සිටියෙදී ප්‍රොයෝජනයට ගත්තෙකි. සිරගෙදර සිට ඇමති දිසානායකද පොත් ලිවුවේය. දැන් ඔහුට එබඳු පොත්ලිවීමට නොහැක. ලංකාවෙන් පිටත සිට බලනවිට මට බොහෝ ශ්‍රීලංකිකයන් පෙනෙන්නේ POM’s ලා හැටියටය. පිටකරන හැම වචනයකටම දේශපාලන බියක් ආදේශ කරගෙන සිටින ඔවුන් භාශනයේ නිදහස තමන් විසින්ම වලලාගෙන ඇත. නිදහස නැති තැන ඇත්තේ හිරගෙදරකි. දඩුවම දුන් විනිසුරුකරු තමන්ම වී තමා තනාගත් හිරගෙදරක සිටින ඔවුනට ඉන් ගලවීමට උවමනාවක් නැද්ද. නැතහොත් තාප්පයේ අනිත් පැත්ත හිරගෙදර යැයි සිතා සිටිනවාද. තමන් සිරකර ඇතිබව නොදන්නා මගේම සහෝදර/දරියන්යන් ඉන් නිදහස් කරගනීමට නොහැකිබව පෙනී මා ලතවන්නේ මා මගේ අදහස් වල සිරකරුවකු නිසද? මා විඳින නිදහසේ දිග පළල කුඩායැයි නුඹ පැවසුවහොත් ඊට ගරුකිරීමට මම දෙවරක් නොසිතමි. ඒ මම තාප්පයේ මොන පැත්තේ සිටිනවදැයි නොදන්නා නිසාය. මට ලිවීමට නොහැකි යමක් ඔබ ලියන විට, මට සිතීමට නොහැකි යමක් ඔබ සිතනවිට, මට කිරීමට නොහැකි යමක් ඔබකරනවිට මා සිරකරුවකු බව පසක් කර ඉන්මිදීමට ප්‍රත්නයක් දැරීමට තරම් නිදහසක් මට ඇතැයි මම සිතමි. එහෙත් දෙවියන් පය නොගසන තැනක යක්ෂයකු සේ පැමින පිනුම් ගැසීමට මට නිදහසක් කිසිදිනක නොලැබෙනුඇත. [පසුගිය සෙනසුරදා මෙල්බර්න්හි සරණාගතයන් සිරගතකර සිටීමට විරුද්ධ පැවැත්වු පා ගමනේදී සිතට නැගුන අදහසක් Easter නිවාඩුවේ නිදහස බුක්ති විඳිමින් සටහන්කළෙමි.]