Friday, December 10, 2010

මගේ අදහස්

හොරෙන් අරගත් මගේ අදහස්
වේදිකවක් මතට වී ඔබ
දෙසනු ඇසුමෙන් හරසරින්
වැඩේ මා සිත පිළිකුලක්

දහස් ගණනින් එක්ව රැස්වී
නගා ඔල්වර මහ හඬින්
අසනවිට ඒ ඔබේ දෙසුමන්
පුරයි මා සිත සිහින් සතුටක්

සැබෑ කරනට ඔබකිවු දෑ
වීදිබට ඒ ජනී ජනයා
පෙලගැසී යනු දුටුව විටදී
පිරේ මා සිත උද්දාමයෙන්

ඒ පිරිස් මැද නොමැති ඔබ දැක
නසාලන්නට ඔබේ නොපනත්
දවාලන්නට උඹේ බොරු කය
නැගේ මා සිත කෝපයක්

Sunday, November 7, 2010

පාසල

සිරගෙයක් වැසෙයි සිතමින්
පාසලක් අරියි මැතිඳුන්
වට කරන මහා පවුරෙන්
සිරවෙලා සිටියි සිසුවන්

ඇමති ලඟ වැටී දෙදණින්
යැදී බත් පත ඇදුරන්
මතුරැකෙන ශිල්පයම සොයමින්
සිසුන් යැයි ගියමගම ගුරුවන්

ඇවිද පසුපස ගුරුන්
අභිසෙක් ලබයි නිවටුන්
පැලඳු එම කටු ඔටුනින්
පෙලයි සහෝදරදරියන්

අසන පැනයට කෝපයෙන්
නගා වේවැල මහ හඬින්
දෙන ආදර්ශ ගෙන බැතින්
පාලකයකු වන්න උගනින්

Friday, August 13, 2010

සිවනාදන් කියාදුන් පාඩම්

සිවනාදන් යනු මගේ පාසල් සමයේ මිතුරෙකි. මිතුරෙක් යැයි කියූවත් ඔහුටදැන් මා මතක ඈත්දැයි මම නොදනිමි. අඩුමතරමින් ඔහු ජීවතුන් අතර සිටිනවා දැයි හෝ මම නොදනිමි. ඔහුත් මාත් අතර මිත්රත්වය පසලේ දෙවන හා තුන්වන ශ්රේණි වල අවුරුදු දෙකකට සීමාවූ එකකි.
ඒ හෑටේ දශකයේ මැද භාගයයි. රජයේ පාසල් ගුරුවරුන් වූ මගේ මව සහ පියා ස්ථාන මාරුවීම් ලෑබ දිවයිනේ දුෂ්කර පලාත් වල චාරිකා කල කාලයයි. බදුල්ල දිස්ත්රික්කයේ ඉතා දුෂ්කර පාසලක ගුරු නිවසයේ අපි පදින්චිවී සිට්යෙමු. සිවනාදන්, (ඔබසිතුවා හරි ඔහු ද්රවිඩ ජාතියෙක් ) මගේ ලඟින් වාඩි වී එකට සිංහල අකුරු කල එකල මගේ හොඳම මිතුරා, මට බොහෝ දමිල වචන කියාදුනි.
දිනක් ඔහු සෙමින් මගේ කනට කර "ඒයි ඔයාගෙ ප_ය පේනවා කලිසමේ බොත්තම් ගැලවිලා ඉක්මනට ඕක දාගන්න" යැයි කීය. පුරුෂ ලිංඟය ගැන එකල්හි මාදත් එකම සිංහල වචනය වූයේ "චූ එක" යන්න පමණි. පාසැල අවසන්ව ගෙදර ගිය පසු මා උගත් අලුත් දෙමළ වචනයේ ආඩම්බරය අම්මා ඉදිරියේ කියා පෑමට මට උවමනවිය. අම්ම දන්නවද "චූ" එකට දෙමළෙන් කියන්නෙ මොකක්ද කියල... ප_ය කියල මම ආඩම්බරයෙන් කීවෙමි. එහෙත් අම්මා ආඩම්බර වූයේ නැත. ඇගේ නිහඬ බව පිලිබඳ කුකුසෙන්ම මම නිහඬ උනෙමි.
දවසක් පංතියේදී කුඩාවට නවාතිබූ පත්තර කඩදාසි කෑල්ලක් සිවනාදන් සක්කුවෙන් එලියට ගත්තාය. එය දිග අරිමින් මාදෙසට දිගුකලේය. සුදු පාට කුඩු වගයක් එහිවිය. මොනවද මේ මම ඇසීමි. කාල බලන්න ඔහු පිලිතුරු දිනි. මම දිවෙන් එය ලෙවකෑවෙමි සීනි පැනිරසට සමාන රසයක් දිවට දැනිනි. ඔවයෙන් තමයි සීනි බෝල හදන්නෙ ඔහු මට කියාදුනි. මේ ලෝකයේ “icing sugar” කියා රසවත් දෙයක් ඇති බව පමණක් නොව තමන් උකහා ගන්නා රසයන් අන් අය සමග බෙදා ගැනීමේ වටිනාකමද ඔහු මට කියා දුන්නේය.
පාසැල් නිවාඩු කාලයේද ඔහු මා සමග සෙල්ලම් කිරීමට පසැලට පැමිනියේය. මිදුලේ කුඩා වලක් සාරා ඒ මත කුඩා කොටු කැබල්ලක් තබා දිග කෝට්ටකින් විදිනා චක්ගුඩු ක්රීඩාවේ ඔහු කියාදුන් නීති රීති අද මට මතක නැත. එහෙත් “කන්නුනා පට්ටේ” කියා කෑ ගසා අසමින් කුඩා කොටුව ඇස උඩ හෝ කකුලේ ඇඟිලි අතර රුවා පහරදිය යුතුදැයි අසන අන්දම මට කියා දුන් අයුරු මගේ මතකයෙන් කවදා හෝ ගිලිහී නොයේ.
පාසැල් වාර අවසනයේ විවිධ ප්රසංගයට ඉදිරිපත් කරන ලී කෙලි නැටුමේ මගේ සහායකයා සිවනාදන්ය. ඔහුට උඩරට නැටුම් කලාවේ ලී කෙලි මෙන්ම කාවඩිද නැටිය හැක. විවිධ ප්රසංගයට ඔහු ඇතුලු අනෙකුත් ද්රවිඩ සිසුසිසුවියන් ඉදිරිපත් කරන කාවඩි ප්රසංගයට මටද නටන්නට සිවනාදන් අඬගැසූවත් අම්මා එයට හරස්වීම නිසා සිවනාදන් නටන දෙස මම ඊර්ෂාවෙන් බලා සිටියෙමි. සිංහල මාන්නය හා ද්රවිඩ නිරහන්කරය එදා මට නොතේරුන නමුත් අද එය හොද්න් වැටෙහෙන්නේ සිවනාදන්ගේ පාඩම් වලිනි.
එය එම පසෙලෙන් මාරු වී වෙනත් පාසැලකට යන දිනයයි. මිදුලේ නවතා ඇති ලොරියේ ගෙදර බඩු මුට්ටු අසුරමින් සිටිනවිට සිවනාදන් පැමිණියේය. ඔහු සමග ඔහුගේ අම්මාද පැමිණසිටියාය. ඇය එක අතකින් සිවනදන්ගේ නංගී වඩා ගෙන අනෙක් අතින් සිවනාදන් ගේ මල්ලි අල්ලාගෙනෙ ටිකක් ඈතටවී බලා සිට්යාය. මම සිවනාදන් සමග මිදුලේ ඔට්ටු දුවමින් සෙල්ලම් කරමින් සිටියෙමි. අප රැගෙනයාමට පැමිණි කාරයට ගොඩවනවිට මගේ සිතේ තිබූ ඒ ආඩම්බර හැඟීම මටතාම මතකය. සිවනාදන් අහිංසකව අප යනදෙස බලාසිටියාය.
ඕස්ට්රෙලියාවේ මා සමග එකට සේවය කරන සෙල්වා අතුලු ද්රවිඩ මිතුරු මිතුරියන් සමග සැකයෙන් තොරව සුහදව ආශ්රය කිරිමට මට කියාදුන් පාඩම ඔහු ඉගන්නූ සියලු පාඩම් වලට වඩා මට අගනේය.

Saturday, July 3, 2010

ආරම්භයක් පමණයි

සත්‍ය සොයා ගන්න අපි කවුරුත් කැමතියි. ඒත් ඒ සත්‍ය අපට අවාසිනම් අප කැමති නැත්නම් ඒක අසත්‍යයක් කියන්න කරුනු හොයනව එහෙම නැත්නම් ඒ සත්‍ය දිහා නොබල ඉන්නව. ඒත් හිත දන්නවා සත්‍ය මොකද්ද කියලා. හිත එහෙම නැතිනම්
හෘද සාක්ෂිය බලවත් වුනාම සත්‍ය දිහා නොබලන්න මිනිසුන් කරනදේවල් මනොවිද්‍යාවෙ සන්රක්ෂණ ප්‍රයෝග කියල හදුන්වනවා ඒ භියකරු සත්‍යයෙන් මනසට වන හානිය වලක්වන්න හිත ගන්න පුංචි උත්සාහයක්. උදාහරනයක් විදියට මිදි තිත්ත කතාව සන්රක්ෂණ ප්‍රයෝග වලින් එකක්
මගේ මේ උත්සහය ඒ වගෙ සන්රක්ෂණ ප්‍රයෝගයක්ද දන්නෙ නැහැ ජීවිත කලයෙදි මා දැකපු සත්‍ය ඒ අයුරින්ම ලියන්න කරන පුංචි උත්සහයක ආරම්භයක් පමනයි මේ.