Friday, November 15, 2013

පස් මහ බැලුම්

යලිත් ඉපදෙන්න
බලන්නට
පස් මහ බැලුම්
පුහුදුන් මට
නොමැත වරණයක්

නමුදු
පතනෙමි
ඇයම
මගෙ මව් වන්න

එහෙත්
මට නොමැත
වරණයක්

ඇගේ කුලයම
ඒ දීපයම, දේශයම
උරුමවේ මටත්

පතන්නෙමි යලිත්
දීපයක්, දේශයක්
කුලයක් නොමැති කාලයක්

Friday, October 25, 2013

නුඹේ සිනා


ඩොලරයක් වටින්නැති

සියේ කොලයකට ගත්

බඩ ඉරිඟු කරල අග පිපි

නුඹේ සිනා මල්

ලාබ ඇයි මෙතරම්?